කුඩ හොරා (පාට)

රු 300.00

kuda Hora (Colour)

Sold By: IBMC Publications
Category:

Download Catalog

Description

පළමුු වරට 1952 ජනතා පුවත් පතේ පළ වූවකි. 1956 එච්. ඩී සුගතපාල මහත්මයාගේ නවමග පොත් පෙළේ ළමා අතිරේක කියවීම් පොතක් වශයෙන්ද පළවිය.

කොස්ගම කුඩ නැහැ. ගමේ මිනිස්සු කුඩ දැකලා වත් නැහැ.
ගමේ මිනිස්සු වැස්සට ඉහලුවේ කෙසෙල් කොළ, හබරල කොළ , තුවා, වට්ටි , ගෝනි , වළන්.

කොස්ගම කිරිමාමා කොළඹ ගියා. කොළඹ  මිනිස්සු කුඩ ඉහලාගෙන පාරේ ගියා.

කිරිමාමා කුඩ දැක පුදුම වුණා. කවදා වත් මෙහෙම දෙයක් දැකලා නෑ.

(කුඩ හොරා වර්ණ පොත )

මෙහි වර්ණ චිත්‍ර සදහා 1982 ජපානයේ ‘කොන්කුවර්ස් ‘ළමා පොත් චිත්‍ර තරගයෙන් තුන්වෙනි ත්‍යාගය හිමි විය.

1986 වසරේ මෙය ජපන් බසට පරිවර්තනය කරන ලද අතර එම වසරේ ජපානයේ, ජපන් බසට පරවර්තනය කරන ලද හොදම පොතට දෙන සම්මානය මෙම පොතට හිමි විය.

1987 ටෝකියෝ නුවර ළමා පුස්තකාලයේ ළමුන් විසින් තෝරන ලද ඉතාමත් ජනප්‍රිය පොතට දෙන සම්මානය හිමි විය.

මෙම පොත ජපානය, චීනය, කොරියාව, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්ක් හා අමරිකා එක්සත් ජනපදය යන රටවල් ඔවුන්ගේ මව්බසට පරිවර්තනය කර ප්‍රකාශනය කරන ලදි.

කතාව සහ චිත්‍ර – සිබිල් වෙත්තසිංහ

 

Additional information

Weight 0.135 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කුඩ හොරා (පාට)”

Your email address will not be published.