Description
ජයප්‍රසාද් වෙල්ගම සහ ප්‍රභාත් ගලගමගේ විසින් රචිත මෙම කෘතිය, ප්‍රමාණයෙන් කුඩා එකක් වුවත් ග්‍රාමීය සමාජ විද්‍යාව පිළිබඳ කෙටි හැඳින්වීමක්ද සහිතව, ඉන්දීය හා ශ්‍රී ලාංකේය ගම පිළිබඳ සැලකිය යුතු සමාජ විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක වපසරියක් ආවරණය කරයි. මෙම කෘතිය තුළ දැක්වෙන ඇතැම් සමාජ විද්‍යාඥයින් හා මානව විද්‍යාඥයින් මෙන් ම, ඔවුන්ගේ අදහස් සිංහල බසින් ලියවෙන්නේ පළමු වරට බව මගේ නිරීක්ෂණය යි. මේ අනුව, මෙම කෘතිය සමාජ විද්‍යාව සහ මානව විද්‍යාව හදාරණ විද්‍යාර්ථීන් හට අත්පොතක් ලෙසින් භාවිතයට ගත හැකි මෙන්ම, සෙසු කියවන්නන් හට දකුණු ආසියානු සමාජය පිළිබඳ දැනුම් පද්ධතියට ප්‍රවේශයක් ගත හැකි පොදුජන සමාජ විද්‍යා/මානව විද්‍යා විෂය ක්ෂේත්‍ර නියෝජනය කරන කෘතියක් ලෙස ද හැඳින්විය හැකි ය.
මහාචාර්ය සරත් ආනන්ද
සමාජීය විද්‍යා අධ්‍යයන අංශය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
ISBN: 978-624-5583-48-5
marizon ilogert –
I was reading some of your posts on this site and I think this web site is rattling instructive! Continue posting.
http:/www.marizonilogert.com