Description
නිර්ප්‍රබන්ධ පින්තූර පොත්වල විශේෂත්වය වන්නේ දරුවාගේ වම් මොළය මෙන්ම දකුණු මොළය වර්ධනය කිරීමට රුකුලක් වීමයි. දරුවාගේ අධ්‍යාපනයට සමගාමි විෂය ක්ෂේත්‍ර පිළිබඳව පුළුල් දැනුම් සම්භාරයක් සරල ලෙස ජීවිතයට අත්පත් කර ගැනීමට අවස්ථාව සැලසීමෙන් දරුවාගේ වම් මොළය වර්ධනය වන අතර එහි අන්තර්ගත වන පසුබිම් කතාව සහ සිතුවම් දරුවාගේ සතුට, විනෝදය සහ කුතුහලය උද්දීපනය කිරීමෙන් දකුණු මොළය වර්ධනය වේ. එම නිසා මෙම නිර්ප්‍රබන්ධ පින්තූර පොත් පෙළ පරිශීලනය කිරීමෙන් දරුවාගේ පහත සදහන් අංශ වර්ධනය කර ගැනීමට හැකි වේ.
* ජීවිතය හා ලෝකය පිළිබඳ අවබෝධය වැඩි වීම.
* භාෂා ඥානය දියුණු වීම.
* අධ්‍යාපන කටයුතු සාර්ථක වීම.
* දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය වීම.
* සිතින් මවා ගැනීමේ ශක්තිය වර්ධනය වීම. (පරිකල්පන ශක්තිය)
* නිර්මාණශීලී චින්තනය අවදි වීම.
* පුළුල් පරාසයක් තුළ සිතීමේ හැකියාව ලැබීම.
* සමස්තය දැකීමේ හැකියාව ලැබීම.
අන්තර්ගත පොත් පෙළ
+ බචූ කෝ
+ ටිකිරි මොළේ ලොකු වෙනා
+ කවුද කාටද රහස් කියන්නේ
+ වේලාව කීයද?
+ වාහන
+ දොරක් ඇරුණා
+ පාට
+ හැඩතල පැංචන්ගේ සවාරිය
+ හුස්ම
+ කිරිදන්තයි කිරිදන්තියි
zoritoler imol –
Simply wanna remark on few general things, The website layout is perfect, the content material is very great : D.
https://www.zoritolerimol.com