Description
ලෝක රංග කලාවේ මූලික ඉතිහාසය සහ නූතන රංග ප්රවණතා
එම්. සෆීර්
ISBN 978-955-8215-82-1
මිල : 400/-
මේ ඔබ කියවන්නේ ලෝක රංගකලාවේ මූලික ඉතිහාසය හා නූතන රංග ප්රවනතා පිළිබඳවයි. දැන් මොහොතක් හිතන්න මේ තොරතුරු ඔබට කෙතරම් වැදගත් ද, නැත්ද කියලා. මා නාට්‍යකරුවෙකු ලෙස ගත කරපු මුල් කාලයේදී නාට්‍ය කලාව සම්බන්ධ පොතපත කියවීමේ දැඩි පිපාසාවකින් පෙලූනෙමි. නාට්‍ය සම්බන්ධ විවිධ සංවාද, සම්මන්ත්රණ, වැඩමුළු වැනි දේවල් පසුපස අඛන්ඩව ගියෙමි. විටෙක ඒවා උත්තේජනාත්මක විය. තවත් ඒවා නීරස විය. සමහර අවස්ථාවලදී අදාල තැන්වලදි අවසන් අසුනට වී සිටියේ මගෙන් යමක් ඇසුවොත් කියන්නට යමක් නැති නිසාය. සමහර වැඩසටහන් විදේශිය සංස්කෘතික මධ්‍යස්ථානවල පැවැතියේය. එම ස්ථානවලට යාමට තිබුනේ අධික බියකි. ඉංග්‍රිසියෙන් යමක් ඇසුවොත් කියාගන්න බැරි වේවි යැයි වූ බය නිසාය. අවසානයේ පුස්තකාල පුරා නාට්‍ය පොත් සෙව්වෙමි. එහිදි දේශිය නාට්‍ය කලාව ගැන බොහෝ පොත්පත් හමුවිය. නමුත් විදේශිය නාට්‍ය ගැන පොතපත් ලැබුනේ කිහිපයක් පමණි. ඒවාද විටෙක තේරුම් ගන්නට තරම් දැනුමක් නොවිය. අවසානයේ ස්වෝත්සාහයෙන් මා මාගේ නාට්‍ය ගමන ඇරඹුවෙමි. ඉන්දියාවේ භාරත් රංගකලා නාට්‍ය උළෙලේ සම්බන්ධතාවයක් හොයා ගන්නට මෙරට නාට්‍යකරුවන් වෙත ආයාචනා කලෙමි. කිසිවෙක් ඒ සඳහා පිහිට වුයේ නැත. අවසානයේ එම නාට්‍ය උළෙල පවත්වන ජාතික නාට්‍ය ආයතනයේ හා ඉන්දියාවේ වෙනත් විශ්ව විද්‍යාලවල නාට්‍ය විද්‍යාර්ථයින්ට නාට්‍ය උගන්වන්නට තරම් මා වාසනාවන්න විය. මේ වන විට ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර නාට්‍ය උත්සව ගණනාවක මා සම්පත් දායකයෙකි. එසේම වෙනත් රටවල් ගණනාවකද මේ ආකාරයටම කටයුතු කරමි. ඒ මගේ සෙවිමේ පිපාසාවේ ප්‍රතිඵලය.
ඉතින් ඔබත් නාට්‍යකලාව හදාරන්නෙක් නම්, නැතහොත් නාට්‍ය කලාව ගැන උනන්දු වන්නෙක් නම් මේ පොත ඔබට අවශ්‍ය උත්තේජනය ලබා දෙනු ඇත.