Description
ලොව පුරා සෑම සංස්කෘතියක ම ස්ථාපිත ද්වාරකර්ම මානව ජීවිතයේ සුවිශේෂී අවස්ථා ලෙස හඳුන්වා දිය හැකි ය. ඒ ඒ සංස්කෘතින් හි අවමංගල්‍ය චාරිත්‍ර සිදු කරන ආකාරයෙහි විවිධත්වයක් පවතින අතර මල එම සංස්කෘතිය තුළ සිටිමින් එය අර්ථ දැක්වීම වැදගත් වේ. විද්‍යාව සහ සංස්කෘතික අගනාකම් අතර ගැටුමක් නිර්මාණය වී ඇති සමකාලීන පසුබිමක මෙම කෘතිය සමාජ මානව විද්‍යාත්මක මෙන්ම සංස්කෘතිකමය වශයෙන් වටිනාකමක් සහිත කෘතියක් ලෙස හැඳින්විය හැකි ය. සමාජ විද්‍යාවල අපරාධ විද්‍යාව මෙන්ම මනෝ විද්‍යාව විෂය ක්ෂේත්රයන් හි පරිණත දැනුමක් සහිත ලේඛිකාවන් දෙදෙනෙකුගේ ශාස්ත්‍රීය දායකත්වයෙන් රචිත මෙම කෘතියෙහි එකී විෂය පථයන්ගේ සංකලනයක් මෙන්ම පර්යේෂණාත්මක ප්රයත්නයක ප්‍රතිඵල ද දැක ගත හැකි ය. මෙම කෘතිය සරසවි විද්‍යාර්ථීන්ට තම සමාජ මානව විද්‍යාත්මක දැනුම වර්ධනය කර ගැනීමට පමණක් නොව සාමාන්‍ය ප්‍රජාවට ද තම දැනුම වර්ධනයට වැදගත් වනු ඇත.
මහාචාර්ය අනුෂා එදිරිසිංහ
ISBN: 978-624-5583-40-9
Reviews
There are no reviews yet.