Description
Treilokavidya – ත්රෛයිලෝකවිද්යා
මේ කෘතියෙහි අන්තර්ගත වන්නේ ‘ඕම්’ කාරයෙන් ආරම්භ වූ විශ්වය පිළිබඳව ය; ගුරුත්වයේ බලපෑම පිළිබඳව ය; මූල ද්‍රව්‍ය, සෞරග්‍රහ මණ්ඩලය, පෘථිවිය, හඳ සහ සාගර සෑදෙන ආකාරය පිළිබඳව ය. DNA අණුවෙන් පටන් ගන්නා ජීවය පිළිබඳව ය. බහුසෛලික ජීවීන් බිහි වී ඔවුන් තුළ එඩ්රොකැනබිනොයිඩ පද්ධතිය ගොඩ නැගෙන ආකාරය පිළිබඳව ය; ඕසෝන් වියන ගොඩනැගීම නිසා සාගරයේ සිටි ජීවීන් ගොඩබිමට ව්‍යාප්ත වන ආකාරය පිළිබඳව ය; ඩයිනෝසරයින් විනාශ වූ පසු පරිණාමය වන වඳුරන්, වානරයින්, චිම්පන්සීන් සහ මිනිසුන් වැනි ක්ෂීරපායින් පිළිබඳව ය; අප්‍රිකාවේ දී බිහිවන මිනිසා සශ්‍රීක ප්‍රදේශ සොයා ලොව පුරා ව්‍යාප්ත වන ආකාරය සහ චීනයේ කහ ගංගා මිටියාවතේ දී මිනිසා සහ කංසා ශාකය හමුවන ආකාරය පිළිබඳව ය; කුතුහලයෙන් පිරුණු මිනිසා කංසා ශාකය පර්යේෂණයට භාජනය කර එය ඔහුගේ ප්‍රියතම ආහාරය බවට පත් කර ගන්නා ආකාරය පිළිබඳව ය; විවීමේ කර්මාන්තයට අවශ්‍ය තන්තු ලබා දුන් ආකාරය සහ ආධ්‍යාත්මික ජීවිතය පිරිපුන් කර දුන් ආකාරය පිළිබඳව ය; මෙලොව තිබෙන සියලු ශාක අබිභවා යමින් මිනිසාට අනගි සහයක් ලබා දීමට කංසා ශාකයට හැකි වන ආකාරය පිළිබඳව ය. කෘමි සතුන් නොවන අනෙක් සියලු බහු සෛලික ජීවින්ගේ සිරුරු තුළ එඩ්රොකැනබිනොයිඩ පද්ධතිය ක්‍රියාත්මක වන්නේ සියලු ජීවි ක්‍රියාවන් ප්රශස්ත මට්ටමෙන් තබා ගැනීම ජීවයේ පැවැත්මට වැඩ දායක වන නිසා ය.
කතෘ – වසන්ත සේන වැලිඅංග
Price: Rs.1800.00
Weight: 0.735 Kg
ISBN: 978-955-38184-0-9
Reviews
There are no reviews yet.